ලෝකයේ ශ්‍රී ලාංකික නම බබලවන විශිෂ්ඨයෝ..
ලෝකයේ ශ්‍රී ලාංකීය නම බබුළුවන විශිෂ්ඨයෝ 02
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙක්ද වන ඇමෙරිකාවේ නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන තාරකා විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වන අතර
ඝන තත්ත්ව (Solid State) පිළිබඳ විද්‍යාඥයෙක් ද වේ.
ෆාත්ෆයින්ඩර් යානය
1979 දී එතුමා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් භෞතික විද්‍යා උපාධිය සඳහා පළමු පෙළ ගෞරව සමාර්ථයක් හා ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ AT & T ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාලයන් නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 වසරදී ය.
අධෝරක්ත කිරණ කැමරාව
ආචාර්ය සරත් ගුණපාලයන් 1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයට අනුබද්ධිත ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (ෆාත්ෆයින්ඩර් යානය) නම් චන්ද්‍රිකාවේ සවි කර තිබූ අධෝරක්ත කිරණ කැමරාව නිර්මාණය කරමින් අප රටට විශාල විශ්ව කීර්තියක් අත් කර දුනි. 2012 දී නාසා ආයතනය විසින් අඟහරු මත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයේ සවි කරන ලද සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේද සරත් ගුණපාල මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසිනි.
Comments
Post a Comment